රනිල් සජිත් ද්වන්ධ සටනකට සූදානම්! දෙදෙනාම කොළඹින් මහ ඡන්දෙට!

March 19, 2020 at 8:28 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිතය.

එජාප නායකයා බොහෝ කාලයක් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙතෙක් වැඩිම මනාපලාභියා බවට පත්ව සිටින අතර සජිත් ප්‍රේමදාස මෙතෙක් තරඟ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහාය.

2015 රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදිමින් මනාප 500,566 ලැබූ අතර සජිත් ප්‍රේමදාස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප 112 645ක් ලැබූ අතර නාමල් රාජපක්ෂ මනාප 127 201ක් ලැබුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස