ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයෙහි පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාමය පුරාණ විහාරයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පංචිකාවත්ත අබයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දිලිත් ජයවීර මහතා ද අද පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විජයදාස රාජපක්ෂ මහතා ද අද පෙරවරුවේ නාවල වික්රමසිංහාරම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.