රනිල් සජිත් අනුර එකම බෝට්ටුවේ… විකල්පය සර්වජන බලයයි…! – අනුරාධා යහම්පත්…

August 1, 2024 at 1:16 pm | by emanisa.lk

මව්බිම ජනතා පක්ෂය සහ සර්වජන බලය සන්ධානය ගොඩනැඟූවේ තමන්ට පෞද්ගලිකව දේශපාලනය කිරීම සඳහා තැනක් හදා ගැනීම පිණිස නොවන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

ඇය අවධාරණය කළේ, මේ වන විට රටේ පවතින ප්‍රබල දේශපාලන කණ්ඩායම් තුන ම ගමන් කරන්නේ එකම මාර්ගයක වන අතර එහි ඉදිරියට ගියහොත් රට ආගාධයකට වැටෙන බව තමන්ට වැටහෙන බවයි.

රටේ සම්පත් විකිණීම වැළැක්වීමට, රටේ ස්වෛරීත්වය රැක ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් අද නොමැති බව ද ඇය පෙන්වා දෙයි.

ඍජු දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැතිව සිටි තමන් දේශපාලනයට පැමිණීමට හේතුව එම අඩුව පියවීම බව අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

ඈ මේ බව ප්‍රකාශ කළේ අද (01) සර්වජන බලය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *