රනිල් සජිත්ට දිනන්න ඉඩ තියන්නේ නෑ! මම යූඇන්පියට යන්නෙත් නෑ! – සුසන්ත පුංචිනිලමේ

October 3, 2019 at 8:33 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකයා ලෙස සජිත්ට ජනාධිපතිවරණය ජයගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව හිටපු එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් ලෙස තමා ඉර හඳ මෙන් දන්නා බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එ.ජ.නි.ස. මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ පවසයි.

ඔහු එසේ කියා සිටියේ ඔහු එක්සත් ජාතික පක්ෂය සමග නැවත එක්වන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරියක් මාධ්‍යයට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

“මම එක්සත් ජාතික පක්ෂයේ 2006 වසරට පෙර හිටපු මන්ත්‍රීවරයෙක්. මා සමග එකට පාර්ලිමේන්තු ගිය එම පක්ෂයේ හිතවත් සහෝදර මන්ත්‍රීවරු ගණනාවක්ම අදටත් ඇමැතිවරු ලෙස කටයුතු කරමින් සිටිනවා. ඔවුන් කිසිවකුත් නොකරපු ප්‍රකාශයක් මේ මෑතකදී පාර්ලිමේන්තුවට ගිය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රනි බණ්ඩාර මාධ්‍යයට ප්‍රකාශ මුදාහැරීම නිසා මේ වන විට මට ගෙදර ඉන්නත් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා.

මගේ පවුල ඇතුළතත් මේ වන විට දැඩි අපහසුතාවට ලක්වෙලා මගේ දරුවෝ පවුලේ ඥාතීන් බොහෝ දෙනෙක් මගෙන් අහනවා. අපිවත් නොදන්න දෙයක් මේ චන්ද්‍රානි බණ්ඩාර දන්නේ කො​හොමද කියලා. එක්සත් ජාතික පක්ෂය මෙවැනි බංකොළොත් වැඩ කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට මා අතිශයින් කනගාටුවට පත්වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස