රනිල් විශ්වාසභංගය දිනුවේ TNA එකට කප්පම් දීලා! කප්පම කල්මුණේට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්! – ජවිපෙ

July 11, 2019 at 9:03 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් දේශපාලනයේ යෙදෙමින් විශ්වාසභංගයෙන් ආණ්ඩුව රැකගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමට පෙර එනම් හවස 4.30ට අගමැති රනිල් වික්‍රමසිංහ කල්මුණේ දකුණට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබා දීමට දෙමළ සන්ධානය වෙත ලිපියකින් එකඟ වූ බවත් ඇමති මංගල සමරවීර ඒ සඳහා උවමනා නිලධාරී පිරිස පැය භාගයක් ඇතුළත රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් අනුමත කර දුන් බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

ආණ්ඩුවට සැබවින්ම මන්ත්‍රීවරු ඇත්තේ 105ක් බවත් එය 119 දක්වා ඉහළ ගියේ මෙම කප්පම් ගෙවීම හරහා බවත් ඔහු හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *