රනිල් වතු කම්කරු සංගමයේ බලය අල්ලයි! හරීන් පන්නා නවීන් සභාපති කරයි!

June 13, 2020 at 11:07 am | by emanisa.lk

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් අද(12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම පත් කිරීම සිදු කරනු ලැබීය.

වතු කම්කරු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමා කැප වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව නවීන් දිසානායක සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (12) හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු ද ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් ද මෙයට පෙර කටයුතු කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස