රනිල් – රාජපක්ෂලගේ සර්වපාක්ෂික ආණ්ඩුවට අපි නෑ…! – අනුර…

August 3, 2022 at 6:00 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට දායකත්වය ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“ඔහු යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවෙයි. ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනිත් කණ්ඩායම්වල සහය දක්වන්න කියල මේ කියන්නේ. එය කරන්න අපි කිසිසේත් ම සම්බන්ධ වෙන්නේ නැහැ.

නිවැරදි සෑම පක්ෂයේ ම සම අයිතිය නියෝජනය වන සෑම තීන්දුවකට පක්ෂයකට ම සම දායකත්වය නියෝජනය කර ගන්න හැකි වන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව අපි යෝජනාව ඉදිරිපත් කරා ඒ යෝජනාව අසාර්ථක වී තිබෙනවා.”

ඔහු වැඩිදුරට ත් සදහන් කළේ, ජනාධිපතිවරයා කිසිදු තැනක සර්ව පාක්ෂික ආණ්ඩුවට පැවරෙන වගකීම්, කාලය සහ කාර්යභාරය පිළිබඳව සඳහනක් සිදු කර නොමැති බව ය.

අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *