රනිල් රවී කරණානායකට බයයි! කුඩු කියන්නේ දේශපාලන ව්‍යාපෘතියක්!

February 11, 2019 at 7:02 am | by admin

මෙරට මත්කුඩු ව්‍යාප්තියට ප‍්‍රධාන හේතුව දේශපාලන රැකවරණය බවත් දේශපාලන රැකවරණය තුළින් මත්කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට අද පත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පෙරේදා (09) කොළඹදී පැවැති ජනහමුවක් අමතමිනි.

එහි දී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“තොග ගණන් අද කුඩු අහුවෙනවා. නාරාහේන්පිට සතොස ගබඩාවෙන් කුඩු අහුවෙනවා. කන්ටේනර් පිටින් කුඩු ගේනවා. මේ ගේන කුඩු වලින් ඉතා කුඩා ප‍්‍රමාණයක් තමයි අත්අඩංගුවට පත්වෙන්නේ. මෙම කුඩු ව්‍යාප්තියට ප‍්‍රධාන හේතුව දේශපාලන රැකවරණයයි. මේ රැකවරණය නිසා කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙලා.”

“ඇමැතිවරුන්ගේ පුත්තු මේ බිස්නස් එකේ ඉන්නවා. ඇමැතිවරුත් ඉන්නවා, ඇමැතිවරුන් වටේ ඉන්න කණ්ඩායමත් මේ ව්‍යපාරයේ ඉන්නවා. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනයයි. එහෙනම් මේ අර්බුදයට විසඳුම් දිය යුත්තේත් දේශපාලනයෙන් පමණක්මයි.”

“ජනපතිකම, අගමැතිකම, ඇමැතිකම, මන්ත‍්‍රීකම, ප‍්‍රාදේශීය සභාවේ සභාපතිකම යන මේවා හොරකම් කිරීමට ලැබෙන බලපත‍්‍රයි. අගමැති ධුරය හොරකම් කිරීමට ලැබුණු බලපත‍්‍රයක්. බැඳුම්කරය සඳහා රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයි. කොමිසමේ වෙන දේවල් හෙළිදරව් වුණාට දැනට අපිට හෙළිදරව් වී තිබෙන කරුණු අනුව රවි කරුණානායක දන්නවා බැඳුම්කරයට සම්බන්ධ ඇත්ත කෙනා කවුද කියලා.”

“ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ රවි කරුණානායකට බයයි. ඒ නිසයි ඔහුට විදුලිබල වැනි බලවත් අමත්‍යාංශයක් නැවතත් දුන්නේ. අගමැතිවරයා බැඳුම්කරයට සම්බන්ධ වී සිටින නිසා හැම ඇමැතිවරයෙක්ම උත්සාහ කරන්නේ මුදල් හම්බකරන්නයි. දේශපාලනය බිස්නස් එකක් කරගන්නයි.” යනුවෙන් සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *