රනිල්ම-හින්ද රාත්‍රී පාටිය ගැන එජාපයෙන් නිවේදනයක්….!

July 10, 2021 at 1:16 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්ව රාත්‍රී ආහාර වේලක් ලබා ගන්නා අවස්ථාවක සම්බන්ධ ඡායාරූප පිළිබඳ එක්සත් ජාතික පක්ෂය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එජාපය පවසන පරිදි, ඒ කොළඹ 03, 05 වැනි පටුමගෙහි රනිල් වික්‍රමසිංහගේ නිවසට අසල්වැසි නිවසේ පැවැති උපන් දින සාදයකි.

මෙම උපන් දින සාදය සඳහා වර්තමාන අගමැතිවරයාට සහ එජාප නායකයාට ආරාධනා කර ඇති අතර එහි දී දෙදෙනා ම දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published.