රනිල් වික්‍රමසිංහ අද අගමැති පුටුවේ සිටින අතර තමාටත් පින් පොඩ්ඩක් අනුමෝදන් කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (7) මේ බව පැවසීය.
රනිල් වික්‍රමසිංහට අගමැති පුටුවට යාමට පාර කැපුනේ තමාගේ ක්‍රියාදාමය නිසා බව තේරුම් ගත යුතු බව කී ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ කැඳවීමට පැය තුනකට පෙර ජනාධිපතිවරයා තමා කැඳවා වහාම අගමැති ධුරය බාර ගන්නැයි පැවසූ බව ද හෙළි කළේය.
තමා එහි දී ජනාධිපතිවරයාට කොන්දේසි කිහිපයක් පැන වූ බවත් එම කොන්දේසි ඉටු කිරීමට පසුබිම හැදුනොත් අගමැතිකම බාරගන්නා බව තමා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් අනාවරණය කරයි.
ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය බාර ගන්නැයි ආරාධනා කළේ ඉන් අනතුරුව බව ද හෙතෙම කීය.