රනිල් වික්‍රමසිංහ පරාජය කර බිංදුවට බස්වා ගෙදර යැවීමට තමා කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ බලය ලබා ගන්නා හැටි තමන්ට කියා දීමට සූදානම් වන්නේ යැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
ජාත්‍යන්තර විශ්වාසය ඇත්තේ සමගි ජන බලවේගයට බවත් ජාත්‍යන්තරයෙන් ආධාර ගන්නා හැටි අගමැති රනිල්ට කියා දීමට තමා සූදානම් බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
ත්‍රස්තවාදයට මුවා වී කටාර් රාජ්‍යයට අවමන් කළ පාලකයින් තෙල් හිඟමනේ යන විට කටාර් අරමුදලට පනවා තිබූ තහනම ඉවත් කළ බවට ද ඔහු චෝදනා කළේ අද (05) පාර්ලිමේන්තුව අමතමිනි.