රනිල්, පූජිත, රුවන් ජාතික ආරක්ෂක කමිටුවෙන් පැන්නුවේ එතනටත් ෆෝන් දෙක තුන ගෙනැත් ඔබ ඔබ ඉන්න නිසායි! – ජනපති

June 13, 2019 at 1:24 pm | by emanisa.lk

ජාතික ආරක්ෂක මණ්ඩලයට පැමිණෙන ඇතැම් අයට එය තහනම් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් සාකච්ඡාවලට අවධානය යොමු නොකර දුරකතන 2-3 ගෙනැවිත් ඔබ ඔබ සිටින නිසා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එල්ලංගා වාරි පද්ධති ප්‍රතිසංකරණය කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය.

මේ වන විට කෘෂි සංග්‍රාමය, අධ්‍යාපන සංග්‍රාමය, මත්ද්‍රව්‍ය විරෝධි සංග්‍රාමය යටගොස් වෛරයේ සංග්‍රාමය, පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවල සංග්‍රාමය මතුව ඇතැයි ද ජනාධිපතිවරයා චෝදනා කරයි.

සියලු දෙනා දුරකතන ඔස්සේ සමාජ වෙබ් අඩවි වෙත පිවිසෙන බවත් රාජ්‍ය නිලධාරීන්, කැබිනට් මණ්ඩලය පමණක් නොව ආරක්ෂක මණ්ඩලය පවා කැඳවූ අවස්ථාවල නිලධාරීන් සහ මැති ඇමතිවරුනට් දුරකතන 2-3ක් ළඟ තබා ගෙන ඒවා පරිහරණය කරමින් සිටින්නේ යැයි ද අදාළ රාජකාරිය සඳහා අවධානය යොමු නොකරන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස