රනිල් පුළුවන් නම් අපි එක්ක හැප්පිලා බලමු..! අවු. 45ක් ඉගෙන නොගත් පාඩමක් උගන්වනවා…!

August 4, 2022 at 6:57 pm | by emanisa.lk

වසර 45ක් දේශපාලන කර ඉගෙන නොගත් පාඩමක් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට උගන්වන බව වෘත්තීය සමිති  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ  සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

ජෝෂප් ස්ටාලිං ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද කොටුව දුම්රිය ස්ථානයේ පැවැති විරෝධතාවකට එකතු වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි අත්අඩංගුවට ගැනීම් ඔස්සේ ආණ්ඩුවට එරෙහිව නැඟෙන ජන විරෝධය මර්දනය කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

69 ලක්ෂයක ජන වරමකින් පත්වූ රාජපක්ෂලා මෙන් ම මේ ආණ්ඩුව ද රටේ ජනතාව ඉතා ම කෙටි කලකින් එළවන බවත් රනිල් වික්‍රමසිංහට හැප්පිලා බලමු යැයි අභියෝග කරන බවත් වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *