රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ වතාවේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පවසයි.
අරගලය අල කිරීමට විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේ ද රනිල්ගේ හෙංචයියෙකු බව සඳහන් කළේය.
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අද පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගසා ඇති බවත් මහින්ද රනිල් ද රනිල්-මහින්ද ද ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට ද වසන්ත සමරසිංහ චෝදනා කළේය.
මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවට තම පක්ෂය විරුද්ධ බව පැවසූ හෙතෙම එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බව ද ප්‍රකාශ කළේය.