රනිල් ප්‍රමුඛ එජාපය කොළඹ බලය අල්ලයි! දෙහිවල ගල්කිස්ස, මොරටුව සහ හෝමාගමත් සජිත්ට නෑ!

June 3, 2020 at 8:38 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ද, මොරටුව නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට හිමි වේ.‍

කොළඹ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (1) පෙරවරුවේදී සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී මෙම යෝජනාව සම්මත කර ගන්නා ලදී.

මේ රැස්වීමට නගරසභා මැතිවරණයට අලියා ලකුණින් තරගකර තේරී පත් වූ මන්ත්‍රීවරුන් 60දෙනාගෙන් 58 දෙනකුම සහභාගී වී සිටියහ. ඔවුන් සියලු දෙනා අදාළ යෝජනාව ඒකමතිකව සම්මත කර තිබේ.

දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුව සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ දයා ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස