රනිල් පන්නා සජිත් අගමැති කරන කුමන්ත්‍රණයේ සියලු තොරතුරු රනිල් පිල අතට!

April 18, 2019 at 1:50 pm | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් එකතු වී ඇමති සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමට කළ සැලසුමක් පිළිබඳ සියලු තොරතුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්ව තිබේ. මෙම සැලසුම අනුව අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කර අමාත්‍ය සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත් කෙරේ.

අනතුරුව ජනාධිපතිවරයා වහාම ජනාධිපතිවරණය කැඳවීමට කටයුතු යොදනු ඇත. එහි දී ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන වන අතර අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරනු ඇත. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ද සජිත් ප්‍රේමදාස අගමැතිවරයාගේ ආණ්ඩුව යටතේය.

කෙසේ වුවද මේ සැලසුම පිළිබඳ සියලු තොරතුරු රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතට පත්වීම නිසා එය ව්‍යවර්ථ වූයේ යැයි සිතිය හැකිය. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩි මහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය ඉෂිණි වික්‍රමසිංහ මේ පිළිබඳ අනාවරණය කර තිබේ.

මේ පිළිබඳ පසුගිය 12 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේ 12 වෙනි තට්ටුවේ කාමරයකට රැස් වූ අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ක්‍රිෂාන්ත කුරේ ඇතුළු පිරිසක් සාකච්ඡා කර තිබේ. මංගල සහ මලික් වැනි අය අගමැති රනිල්ගේ සමීපතම ඇමතිවරුන් ලෙස මෙතෙක් හඳුනා ගෙන තිබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස