රනිල් නැවතත් ක්‍රියාත්මකයි! සමගි බලේ ඇතුළේ කාල බෝම්බ අටවයි! ඡන්ද කටේ පුපුරා යන්න නියමිතයි!

June 26, 2020 at 10:59 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධානියෙකු එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කලකිරී නැවත එජාපය සමග එකතු වීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ හමු වීමට අවස්ථාවක් ඉල්ලා ඇති අතර අනතුරුව රනිල්ගේ නියෝජිතයා ලෙස රවී කරුණානායක හමු වී සාකච්ඡා කර තිබේ.

සමගි ජන බලවේගය නිවැරදි නායකත්වයක් නොමැති අම්බලමට සමාන කළ ඔහු එජාප ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ලබා දෙන්නේ නම් නැවත එජාපයට පැමිණීමට සූදානම් බව පවසා තිබේ.

එහිදී රවී කරුණානායක ඔහුට පවසා ඇත්තේ මෙවැනි පිල් මාරුවක් විය යුත්තේ මැතිවරණය ආසන්නයේ බවත් නියමිත අවස්ථාව පැමිණි විට ඔහු එජාපයට ගන්නා බවත් එතෙක් සමගි බලවේගය තුළ සිට එහි කටයුතු අවුල් කරන ලෙසත්ය.

මේ අනුව සමගි ජනබලවේග පක්ෂයේ ප්‍රධානියා එම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ මෙහෙයුම එම පක්ෂ තුළ සිටම මේ වන විට අරඹා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස