රනිල් නැත්නම් කරු! සජිත් පාඨලි බෑ!

February 3, 2019 at 12:09 pm | by admin

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පිළිබඳ එහි නායකයන් අතර පසුගියදා සාකච්ඡාවක් ඇති විය.

ඒ අවස්ථාවට රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන් පිරිසක් එක්වූහ. මෙහිදී රනිල්, කරු සහ සජිත්ගේ නම් යෝජනා වූ අතර ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් නොවන්නේ නම් කරු ඉදිරිපත් කළ යුතු බව එහි සිටි නායකයන් බොහෝ දෙනෙකුගේ අදහස විය. කෙසේ වුවද මෙය අවසන් තීන්දුව නොවීය.

මෙම රැස්වීමෙන් පසු අමාත්‍ය මනෝ ගනේෂන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ සිය පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීන්දු කර හමාර බවය. මේ අතර රාවය පුවත්පත කරු, පාඨලි මෙන්ම නවීන් ද දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් පළ කර තිබුණේ පක්ෂය විනාශයට වගකිව යුත්තේ ඔවුන් බවට චෝදනා කරමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *