රනිල්, දවස ගාණේ සජිත් පතුරු ගහයි…..! වත්තල නගර සභාවත් යළි එජාපයට….!

July 2, 2021 at 3:37 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

නැවත එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට එක්වූයේ වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකි.

පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණි එම මන්ත්‍රීවරු පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර සමඟ මාධ්‍ය හමුවකට ද සහභාගී වූහ.

එහි දී අදහස් දක්වමින් වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර කීවේ පසුගිය කාලයේ යම් කලකිරීම් නිසා දේශපාලනිකව අක්‍රීය වී සිටියද රනිල් වික්‍රමසිංහගේ දුර දක්නා නායකත්වය පිළිබඳව අවබෝධ වීමෙන් පසුව නැවත පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමට තීරණය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස