එක්සත් ජාතික පක්ෂය ලෙස තමන් දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ මේ රටේ නායකත්වයට පත් කිරීමට උත්සාහ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
එය තමන්ට කළ නොහැකි වුව ද පොදුජන පෙරමුණ කළ බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ. එහෙයින් එම ගෞරවය පොදුජන පෙරමුණට හිමි විය යුතු බව ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
එය කිසිසේත් අමතක නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවකට ඊයේ (20) කොළඹ දී එකතු වෙමිනි.