රනිල් ජනාධිපතිවරණෙට ඇදන් යන්නේ බල්ලා නාවන්න වගේ…! – වීරසුමන වීරසිංහ….

July 2, 2024 at 8:08 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා රැගෙන යන්නේ බල්ලන් නාවන්න ඇද ගෙන යන්නා සේ බව සර්වජන බල සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

පළපුරුදු දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ දී සිදුවන දේ දන්නා බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද ඔහුගෙන් යැපෙන පිරිසට රනිල් වික්‍රමසංහ නැවත ජනපති පුටුවෙහි වාඩි කරවීමේ අවශ්‍යතාවක් ඇති බව වීරසුමන වීරසිංහ සඳහන් කරයි.

සර්වජන බලය කැඳ වූ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *