මහා ව්‍යසනයකින් පසු ශ්‍රී ලංකවේ ආර්ථිකය සහ සමාජය ස්ථාවර කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, නව ජනතා පක්ෂයේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.
“ජනාධිපතිවරයාගේ නිවැරදි උපායමාර්ග සහ ඔහුගේ දේශපාලන ප්‍රඥාව රට ස්ථාවරත්වයට ගෙන ඒමට උපකාර කළා. ඒ මඟ තව දුරටත් ඉදිරියට නොගියොත් අපේ රට සජීවී අපායක් බවට පත් වෙනවා.
අපේ පක්ෂය ගෝලීය හරිත ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂයක්. රට පුරා සිටින දහස් ගණනක් උගත් බුද්ධිමත් තරුණ පිරිසක් අප පක්ෂයේ සාමාජිකයන් ලෙස පත්ව සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ දේ ඉදිරියට ගෙන යෑමට තරම් උපාය හා ප්‍රඥාව වෙනත් කිසිදු අපේක්ෂකයකුට නැහැ. ඒ බව අපේ තරුණ තරුණියන් ඒකමතිකව කියනවා.
වෙන කවුරු හරි, වෙනත් පාලනයක් ඉදිරියට ගෙන යෑමට මේ අවස්ථාවේ උත්සාහ දැරුවොත් අපේ රට අවුල් ජාලාවක් බවට පත් වෙනවා.”
කැස්බෑව ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.