රනිල් කියන ඕනම තැනකින් මම යූඇන්පියෙන් ඡන්දේ ඉල්ලනවා! – ආචාර්ය මර්වින්

March 5, 2020 at 10:16 am | by emanisa.lk

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එළඹෙන මහ මැතිවරණයට තරඟ කරන බව පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් අලියා ලකුණ යටතේ තමන් තරඟ කරන බව හෙතෙම සඳහන් කරයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබා දෙන ඕනෑම දිස්ත්‍රික්කයකින් ඔහුගේ නායකත්වය යටතේ තමා තරඟ වදින බව ඊයේ (04) හෙතෙම මාධ්‍ය වෙත පැවසීය.

පසුගිය සමයේ අන්තර්ජාලයේ දක්නට ලැබුණු රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකතන සංවාද හඬපටයක මර්වින් සිල්වා විවේචනය නොකරන ලෙසත් ඔහු එජාපයට පාවිච්චි කළ හැකි අයකු බවත් තමන්ට නායකත්වය විසින් දැනුම් දුන් බව රංජන් හිරුණිකාට පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස