රනිල් එජාප ව්‍යාපාරිකයින්ගේ 10කගේ ණය බොල් ණය ලෙස කපයි..!

May 25, 2023 at 11:46 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ බැංකු ණය බොල් ණය සේ කපා හැර ඇති බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් හෙතෙම කීය.

“රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරන්න ඡන්දය දුන් 134 දෙනාගෙන් කෙනෙක් මම. ඔහු කරන හොඳ වැඩ අගය කරනවා සේම වැරදි වැඩ විවේචනය කරනවා.

ඔහු ජනපති කියලා හිතවත් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්ත ණය බොල් ණය ලෙස කපා හැරලා. ඒවාට අපි කැමැති නෑ. ඒවාට නොවෙයි ඡන්දය දුන්නේ.

ඔහුගේ පක්ෂේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ.”

ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස