රනිල් උදේ හවස මල් පහන් තබා අරගලකරුවන්ට වැඳිය යුතුයි…! – විජිත හේරත්…

November 24, 2022 at 8:58 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වූයේ අරගලයට පිං සිද්ධ වෙන්න බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

එහෙත් අද ඔහු අරගලයට නිග්‍රහ කරමින් පරිභව කරමින් අරගලය මර්දනයට පියවර ගනිමින් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ හරි නම් ජනාධිපතිවරයා අරගලකරුවන්ට උදේ හවස පහන් සහ හඳුන්කූරු දල්වා වැඳිය යුතු බවයි.

එහෙත් ජනාධිපතිවරයා පොලිසිය හමුදාව යොදවා අරගලය මර්දනය කරන ආකාරය කතා කිරීම කනගාටුවට කරුණක් බවයි, විජිත හේරත් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *