රනිල් වික්‍රමසිංහ අවංක පාලකයෙක් නම් මේ රටෙ ශ්‍රේෂ්ඨාධීකරණය හොරු මංකොල්ලකරුවන් ලෙස හැඳින්වූ රාජපක්ෂලා සිරගත කළ යුතු බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසන්නේ, එසේ නොකොට ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 6 සිට 5 දක්වා ගෙන ඒමට විශාල උත්සාහයක් දරන්නේ යැයි පෙන්වීම වංචාවක් බවයි.
හාල් කිලෝ 10ක් නොව 100 ගාණේ දුන්නත් රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ සමග එකතු නොවන බව ද හේෂා විතානගේ අවධාරණය කරයි.