රනිල් ආවොත් පරාජය නියතයි! ඔහු ඉවත් වී නායකත්වය තරුණයකුට දියයුතුයි! නැත්නම් අපි ජනතාව සමග ගෙරදටම එනවා! – එජාප නීතිඥ සංගමයත් රනිල්ට එරෙහිව යුද ප්‍රකාශ කරයි…

August 31, 2019 at 8:06 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමට නම් එහි නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය පවසයි.

දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වයේ ඉන්නා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයිද ජයග්‍රහණය කළ හැකි නායකයකු පක්ෂයට අවශ්‍ය බවද එක්සත් නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනාධිපතිවරණ තුනකට නුසුදුසු යැයි සැලකූ අගමැතිවරයා එළඹෙන ජනාධිපතිවරණයට සුදුසු විය නොහැකි බවත් ඔහු ඉදිරිපත් වුවහොත් එජාපය තුන්වන හෝ හතර වන තැනට ඇද වැටීම අනිවාර්ය බවත් ඔහු පවසයි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පුරවන්නේ රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තට අනුව ඊට වඩා ඔහු පමණක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සුදුසු බව සඳහන් කළ උපුල් ජයසූරිය පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදිය නොහැකි නම් රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දිය නොහැකි බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ සමයේදී එජාපයේ ඡන්ද පදනම බරපතළ ලෙස කඩා වැටුණු බවද ඊට ඔහු වගකිව යුතු බවත් රටේ ජනතාව සමග ඔහුගේ නිවසට ගොස් වහාම පක්ෂයෙන් ඉවත් වන්න යැයි ඉල්ලා සිටීමට වුව තමන් සූදානම් බවත් එම සංගමය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස