රනිල් ආගමනයෙන් සමගි බලේ දෙදරයි….! සජිත්ට එක් වූ මන්ත්‍රීවරුන් 16ක් නැවත එජාපයට….!

June 15, 2021 at 4:44 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට සහයෝගය පළකළ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඊයේ (14) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

ඒ ගම්පොළ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, මහනුවර මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ උඩ පළාත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකි.

සමගි ජන බලවේගය නියෝජනය කළ ගම්පොළ නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන් නැවත එජාපයට එකතු වී ඇති අතර ඉදිරියේ දී ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ඇත.

මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රී පිරිසක් නැවතත් එජාපයට එකතු වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම් මේ වන විට සලකා බලමින් සිටින බවත් මහ ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *