පාර්ලිමේන්තුවේදී ස්වාධීන ලෙස කටයුත කළ ද මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ කාටත් පිළිගත හැකි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කී ඔහු ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ ද සම්බන්ධ කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන මැති ඇමතිවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළි දැක්වීමේ උත්සවයට ද සම්බන්ධ විය.