රනිල් බලයට ආවේ රාජපක්ෂවරුන් බේරා ගැනීමට නොව රාජපක්ෂවරුන්ගෙන් රට බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.
පරිණත නායකයන් කවුදැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ රටට අසීරු මොහොතක දී බව කී පාලිත රංගේ බණ්ඩාර, “බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ”ජාතියේ නායකයන් දැන් අවලංගු කාසි වී ඇතැයි ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කාන්තා සමුළුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව පැවැසීය.