රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අත ගසා ඇත්තේ ලෙහෙසි වැඩකට නොවන බව ආඩපාලි කියන කණ්ඩායම් ද හොඳට ම දන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.
අසීරු මොහොතක මෙවැනි අමාරු කර්තව්‍යයක් කළ හැක්කේ යකඩ හිතක් ඇති මිනිසෙකුට පමණක් බව ද රංගෙ බණ්ඩාර අවධාරණය කරයි.
රාජපක්ෂ පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වී උදව් දෙන රටවල් සම්පූර්ණයෙන්ම ඈත් වී තිබූ අතර අද රනිල් වික්‍රමසිංහට ඒ සියලු රාජ්‍ය එකතු කර ගන්නට හැකි වී තිබෙන බව ද එජාප මහ ලේකම්වරයා කීය.
එසේ තිබිය දී විපක්ෂ නායකවරයා ඇතුළු සජබයේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන් “රනිල් ආවම ජාත්‍යන්තරයෙන් ලැබෙනවා කියු ආධාර කෝ” කියා අසන බවත් රනිල් වික්‍රමසිංහ අභියෝගය බාර නොගත්තා නම් මේ වන විට ලොකු විනාශයක් වී හමාර බවත් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.