රනිල් අගමැති ධුරයේ සිටින ආණ්ඩුවකට මගේ සහාය නෑ! – මෛත්‍රී සජිත්ගේ මුහුණටම කියයි…

October 3, 2019 at 6:15 pm | by emanisa.lk

වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සිටින කිසිම ආණ්ඩුවකට තමාට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එජාප ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඒ පසුගියදා ජනාධිපතිවරයා සහ ඇමති සජිත් ප්‍රේමදාස ඇතුළු එජාප කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාවක දී ය.

මේ අතර පසුගිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දීමටත් පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට ලබා දීමටත් යෝජනා සම්මත විය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස කිසිම අවස්ථාවක සිය ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඍජුවම රටට ප්‍රකාශ නොකර සිටීමට වගබලා ගන්නා අතර ඇමති අකිල විරාජ් වැනි අය අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට හිමි වන බව දැනටමත් පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස