රනිල් අගමැතිකම නොගත්තා නම් රට ඉවරයි..! අපි ඇමැතිකම් ගත් නිසා ජනතා බලාපොරොත්තු දැල්විලා..! – මනූෂ…

June 25, 2022 at 10:41 pm | by emanisa.lk

කිසිවෙකු භාර නොගන්නා අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාර නොගත්තේ නම් රට අරාජික වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ අවස්ථාවේ අභියෝගය භාර නොගත් අය එදා කොන්ද පණ ඇතිව අභියෝගය භාරගත් පුද්ගලයාගේ කකුලෙන් ඇඳීම දේශපාලන කුහකකම යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාව නැවත දඩයම් යුගයට ගොස් දඩයමක් කරගෙන මීයක් කඩා ගෙන කන තැනට පත්වන බව එදා පිරිසක් අනාවැකි කීව ද අද එය බොරුවක් වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එදා අගමැතිවරයාත් අනතුරුව තමා සහ හරීන් ප්‍රනාන්දු ගත් පියවර නිසා රටේ ජනතාව තුළ නැවතත් බලාපොරොත්තු දැල්වී ඇති බවයි, මනූෂ කානායක්කාර අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *