ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ.
එහි දී ඔහු හදවත ලකුණ යටතේ තරඟ කිරීමට සූදානම් වන බව පසුගියදා අනාවරණය විය.
කෙසේ වුව ද මැතිවරණ කොමිසම් සභාව එම ලකුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ ස්වාධීන අපේක්ෂකයන් සඳහා එවැනි සලකුණක් යෝජනා කිරීමේ හැකියාවක් නොමැති වීම සහ මැතිවරණ කොමිසම යෝජනා කරන සලකුණු අතරින් එකක් තෝරා ගැනීමට සිදුවීමය.