ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂයෙන් පිට අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දෙන්නේ නම් අගමැති ධූරය සිය පක්ෂයට හිමි විය යුතු යැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
කෙසේ වුව ද ඒ පිළිබඳ කිසිවෙකු සමග පෞද්ගලිකව සාකච්ඡා පැවැත්වීමට තමා සූදානම් නොමැති අතර පක්ෂය සමග ඔවුන් සාකච්ඡා කළ යුතු බවයි, ඔහු අවධාරණය කළේ.
මුල දී සිය පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙකු නැතැයි ඇතැමුන් පැවසුව ද මේ වන විට අපේක්ෂකයින් බොහෝ පිරිසක් ඇති බවත් ජනාධිපතිවරයා සමග කැබිනට් මණ්ඩලයේ සිටින අයකු ද ඒ අතර සිටින බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.