මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙම නව සන්ධානය පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ද සැලසුම් කර තිබේ.
මෙම නව සන්ධානයේ නායකත්වය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර ගන්නා ලෙස එම මන්ත්‍රි පිරිස දැනුම් දී ඇතත්, ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව මේ සන්ධානයේ නායකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පත් කිරීමට නියමිත අතර නව සන්ධානයේ අනුශාසකවරු ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරනු ඇත.
නව සන්ධානයේ සියලු තනතුරු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විවිධ පකෂවල තරුණ මන්ත්‍රිවරු සහ ක්‍රියාකාරී සාමාජිකයන්ට දීමට සැලසුම් කර ඇතැයිද අනාවරණය වේ. බොහෝ දුරට මෙම නව සන්ධානය ජනාධිපතිවරණයට පෙර එළිදැක්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රිවරු සියයකට අධික පිරිසක්ද, අගමැති ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රිවරු සහයෝගය දක්වති.