රනිල්ට වැඩ බලන ජනාධිපති වෙන්න ඉඩදෙන්න එපා…! – රාසමානික්කම්….

July 12, 2022 at 6:54 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ඉල්ලා අස්වනවාත් සමඟම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපියත් ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.

ඔහු කියන්නේ ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් වසර ගණනාවක් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සිය ධුරයෙන් ඉල්ලා අස්වේවි යැයි තමන් බලාපොරොත්තු නොවන බවයි.

හෙට දිනයේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන විට අගමැතිවරයා ද ඉල්ලා අස් නොවුණ හොත් නිරායාසයෙන්ම රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනපති බවට පත්වන බව ඔහු පෙන්වා දෙයි.

වැඩබලන ජනාධිපතිවරයා ඉල්ලා අස්කර ගැනීමට සිදුවුවහොත් 20 වනදා පාර්ලිමේන්තුවේදී යළිත් පොහොට්ටුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගනු ඇති බවයි, ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වැඩබලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්වීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, එසේ පත්වීමෙන් පසු ඉවත් කිරීමට කටයුතු කළ හොත් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *