රනිල්ට රට භාර දී ජනාධිපති ඉවත් විය යුතුයි…! – සුමන්දිරන්…

May 12, 2022 at 5:03 pm | by emanisa.lk

ජනාධිපතිවරයා වහාම අගමැතිවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවත් නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කළ විගස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ සුමන්තිරන් මෙසේ ද කියා සිටියේය.

“පාර්ලිමේන්තුව කැඳවන්න කියා කථානායකවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තියෙනවා. ජනාධිපතිතුමාට දැන් පුළුවන් මේ වාතාවරණය යටතේ අගමැති නැති වුණත් පාර්ලිමේන්තුව කැඳවන්න.

අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය වහාම පත් කරන්න ඕනෑ. දැන් මුළු බලයම ජනාධිපති භාරයේ තියෙන්නේ. ජනාධිපතිවරයා කෙරෙහි කාටවත් විශ්වාසයක් නැහැ. එතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ කියලා මේ වෙලාවේ හඬක් නැගෙනවා. මේ වෙලාවේ දී එතුමා භාරයේ සියලු බලය තියෙන්න බැහැ.

ජනාධිපතිවරයා වහාම අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ඕනෑ. අගමැතිවරයකු පත් කළ හැටියේම ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *