ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බල මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට පක්ෂ වී ඇත්තේ දේශපාලන බල මණ්ඩල සාමාජිකයන් 11ක් පමණි.
පොහොට්ටුවේ දේශපාලන බල මණ්ඩලය සාමාජිකයන් 82ක් නියෝජනය කරන අතර ඉන් 79 දෙනෙක් ඊයේ හමුවට එකතු විය.
පක්ෂය සඳහා වෙනම අපේකෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාව සාගර කාරියවසම් සභාවට ඉදිරිපත් කළ අතර 68 දෙනෙක් ඊට පක්ෂ වී තිබේ. එම යෝජනාවට විරුද්ධ වී ඇත්තේ 11 දෙනෙක් පමණි.
ඒ, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, එස්. බී. දිසානායක, මොහාන් පී. ද සිල්වා, කනක හේරත්, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් සහ ප්‍රදීප් උඳුගොඩ යන මැති ඇමතිවරු ය.