ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ, මෙම තීරණයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවය.