රනිල්ට නායකයා වෙන්න ජනමතය අදාළ නෑ…! ඔහුට තනි ආසනෙන් අගමැති වෙලා ජනාධිපති වෙන්නත් පුළුවන්…! – වජිර…

June 9, 2021 at 7:50 am | by emanisa.lk

දේශපාලන විද්‍යාවට අනුව අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තනි ආසනයකට වුවත් අග්‍රාමාත්‍ය තනතුරට පත් වී එයින් ජනාධිපති තනතුරට ද පත්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

“මතක තියාගත්තට කමක් නෑ, රනිල් වික්‍රමසිංහ කියන්නේ කෘතහස්ත දේශපාලන නායකයෙක්.

හොඳට මතක තියාගන්න ඕනෙ ආසන 40ටත් එතුමා අගමැති වුණා.

තනි ආසනේටත් දේශපාලන විද්‍යාව අනුව ඕනෙ නම් අගමැති වෙලා ජනාධිපති වෙන්න පුළුවන්.”

වජිර අබේවර්ධන මේ බව පැවසුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවක දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *