ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වන විටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
දේශපාලන පක්ෂවලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවත් හෙතෙම කීය.
මේ ගැන රටේ සමස්ත ජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතු යැයිද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.