රනිල්ට එරෙහි වූ ජී.ඇල්ට විදේශ ඇමතිකමින් නෙරපයි…!

July 16, 2022 at 5:43 pm | by emanisa.lk

මහාචාර්ය ජී.ඇල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් ඇති බව ඉහළ දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් මේ සම්බන්ධ අනුමැතිය ලැබී ඇති බව ද වාර්තා වෙයි.

දැනටමත් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම පක්ෂයේ සභාපති ධුරයෙන් ද ජී.ඇල්. පීරිස් ඉවත් කිරීමට නියමිත යැයි දැන ගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ දී රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට එරෙහි වීම මේ සඳහා හේතුව බව ද වැඩි දුරටත් අනාවරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *