රනිල්ට අගමැතිකම දීම වැරදියි…! සෝභිත හිමි..

May 12, 2022 at 5:59 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමට කිසිදු යෝග්‍යතාවක් නොමැති බව ඕමල්පේ සෝභිත හිමි පවසයි.

මහා නායක හිමිවරුන් ඉල්ලා ඇත්තේ මහජන විශ්වාසය දිනාගත් නායකයෙකු අගමැති ධූරයට පත් කළ යුුතු බවත් රනිල් වික්‍රමසිංහ එවැන්නෙකු නොවන බවත් එහිමියෝ අවධාරණය කරති.

වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බා ගෙන සිය අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා මෙම සැලසුම දියත් කර ඇති බවට සෝභිත හිමි චෝදනා කරයි.

මෙය ජනතාව දියත් කර ඇති අරගලය නොසලකා හැරීමක් බවත් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සලසා ගන්නා පියවරක් බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

අද (12) මාධ්‍ය හමුවක් අමතමින් ඕමල්පේ සෝභිත හිමි මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *