රනිල්ගේ ෆයිල් දෙකකුත් මා ළඟ තියෙනවා…! – අනුර…

July 21, 2024 at 7:29 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ ෆයිල් දෙකක් ද තමන් සතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජපානයේ සුකුබාහි දී ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.

සියලු වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ඔවුන් වංචා කළ දේපළ නැවත රජයට පවරා ගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.

යහපාලන ආණ්ඩුව සමයේ මැති ඇමැතිවරු සිදු කළ වංචා පිළිබඳ ෆයිල් මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ෆයිල් දෙකක් ද තමන් සතුව ඇති බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *