රනිල් වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු කතාවෙන් කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන යන ඉල්ලීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
එය නොතේරුණු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ සිටීම ජාතියට අහිතකර කාරණයක් යැයි ද හෙතෙම පෙන්වා දෙයි.
රටේ මූලික නීතිය පසෙක දමා රට පාලනය කරන විට කිසිම රටක් ලංකාවට ණය ආධාරයක්වත් නොදෙනු ඇති බව කී වජිර අබේවර්ධන එයින් පාඩු වන්නේ පටු දේශපාලන වාසි බලාගෙන කෑ ගසන දේශපාලකයන්ට නොව අහිංසක ජනතාවට බව ද සඳහන් කළේය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් තව දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ කතාව නොතේරුණ සමහර අය හමුදාවට දොස් කිව්වා යැයි චෝදනා කර තිබු බවත් එවැනි දේ කියන්නේ ඔවුන්ගේ නොතේරුම්කම නිසා බවත්ය.
රටක් පාලනය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බව සියලු දෙනා සිහි තබාගත යුතු යැයි ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ ය.