රනිල්ගේ විනය කමිටුව විහිළුවක් වෙයි! කැඳවුම් ලද මන්ත්‍රී 4 දෙනාම කොකා පෙන්නයි!

September 1, 2019 at 1:43 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හමුවට කැඳවු කිසිවකු ඒ හමුවේ පෙනී නොසිටීම නිසා රනිල් පාර්ශ්වය බලවත් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ විනය කඩකළ බවට චෝදනා කරමින් අතුරලියේ රතන හිමි, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ සහ විජයදාස රාජපක්ෂ විනය කමිටුව හමුවට කැඳවා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපි එව්ව ද කිසිවකු ඒ හමුවේ පෙනී සිට නැත.

අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ විනය කමිටුවට ලිඛිතව කරුණු දැක්වූ බව ප්‍රකාශ කරන අතර සෙසු දෙදෙනා පවසන්නේ තමන්ට එවැනි ලිපියක් නොලැබුණ බවය.

පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර පවසන්නේ විනය කමිටුව මගහැරි පිරිසට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස