රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයෙන් සජිත් පිල කුපිත වෙයි….! ගෝළයෝ දමා දැඩි ප්‍රහාර එල්ල කරයි….!

June 9, 2021 at 10:09 am | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ ආණ්ඩුව බේරා ගැනීම සඳහා බව එක්සත් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

රනිල් වික්‍රමසිංහ ටයිකෝට් ටොප්හැට් දමා ගෙන නොව පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ අමුඩයෙන් බව ද චමීර පෙරේරා සඳහන් කරයි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණි කිසිසේත් විපක්ෂයේ වාඩිවිය යුතු නැති බවත් වාඩිවිය යුත්තේ ආණ්ඩු පක්ෂයේ බවත් ඔහු අවධාරණය කරයි.

2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ බවටත් චමීර පෙරේරා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *