රනිල්ගේ ටීම් එක හොඳයි සෝමාලියාවේ නැව් කොල්ලකන්න යවන්න..! – අනුර…

September 11, 2024 at 6:35 pm | by emanisa.lk

හොඳම ටීම් එක තමා සමග සිටින්නේ යැයි රනිල් වික්‍රමසිංහ පවසන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය බවයි.

එම කණ්ඩායම නැවක් කොල්ලකෑමට සෝමාලියාවට යෑමට සුදුසු බව ද අනුර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *