රනිල්ගේ කොන්දේසි යටතේ අපේක්ෂකයා වෙනවාට වඩා සජිත්ට දියවන්නාවට පනින එක සැපයි!

September 25, 2019 at 3:34 pm | by emanisa.lk

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ජනාපති ධුර අපේක්ෂකත්වය ඇමති සජිත් ප්‍රේමදාසට ලබා දෙන්නේ පක්ෂ නායකත්වයෙන් තොරව සහ කොන්දේසී යටතේ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

මෙම කොන්දේසි යටතේ ජනාධිපති අපේක්ෂකයා වීමට වඩා වර්ෂාව සමග දියවන්නාව පිරී ඇති අවස්ථාවේ එයට පැනීම සජිත් ප්‍රේමදාසට වාසි බව එහිමියන් පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස තමා ම ජනාධිපති අපේක්ෂකයා යැයි පවසමින් ගස් නැගීම, වොලිබෝල් ගැසීම, පාපන්දු ගැසීම, මඤ්ඤොක්කා ගැලවීම, අල සිටුවීම, පැල් රැකීම කළත් රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම නායකත්වය අතහැර යාමට සූදානමක් නැතැයි ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස